2016දී මත්ද්‍රව්‍ය කිලෝ 2477ක් රේගු අත්අඩංගුවට

0
471

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසර තුළදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2477.09ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් එහි වටිනාකම රුපියල් මිලියන 18,556 ක් බවද රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේය.

මෙම මත්ද්‍රව්‍යවලින් කිලෝ 1230 ග්‍රෑම් 85ක් කොකේන් බවත්, කිලෝ 8.83ක් හෙරොයින් සහ කිලෝ 5.41ක් කංසා මල්, මත්පෙති කිලෝග්‍රෑම් 1232 බවද පවසා සිටියේය.

මීට අමතරව රත්‍රන් කිලෝග්‍රෑම් 49ක්ද රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පෙරේරා මහතා සඳහන් කළේය. ada

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here