Friday, January 24, 2025

2016 ජගත් ව්‍යවසායක සමුළුවට ශ්‍රී ලංකාවෙන්

ඇමෙරිකාවේ, කැලිෆෝනියා හි ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිත 2016 ජගත් ව්‍යවසායකයන්ගේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ව්‍යවසායකයන් පස්දෙනෙකු තෝරාගැනීමට ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

ඇමෙරිකාවේ සිලිකන් වැලි හි ප්‍රධාන ව්‍යවසායකයන් සහ විධායක නිලධාරීන් හට ලොව වටා වෙසෙන ව්‍යවසායකයන් සමග අත්දැකීම් සහ අදහස් හුවමාරු කරගැනීමට මෙම සමුළුව වැදගත් වන බව එම තානාපති කාර්යාලය පවසයි.

ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා විසින් වර්ෂ 2010 දී ආරම්භ කරනලද ජගත් ව්‍යවසායකයන්ගේ සමුළුවට, මේ වර්ෂයේදී රටවල් 170ක් නියෝජනය කරමින් ව්‍යවසායකයන් 700ක් පමණ සහභාගී වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යසිසුරි කිරිබණ්ඩාර, මාර්කස් රණවීරගේ, දිනුෂ්ක චන්ද්‍රෙස්න, තෝබියස් වසන්ත් කුමාර් සහ සුහේල් හිෂාම් යන අය තෝරාගෙන ඇති බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles