2019 වසරේ ජනාධිපතිවරණය කැදවිය යුතුමයි..

0
889

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසයි.

මේ සම්බන්ධයෙන් තම තම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලය වෙත ලබා දී ඇත.

19 වන සංශොධනයෙන් පසුය තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න පැහැදිලි කරන්නැයි ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලද අතර අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ඊවා වනසුන්දර, සිසිර ද ආබෘ, කේ.ටී. චිත්‍රසිරි යන විනිසුරැු මඩුල්ල විසින් මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය විමසා බැලිය.

මේ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 ජනවාරි 08 වැනි දිනට පෙර අවසන් වන අතර එනම් 2019 නොවැම්බරයේදී පමණ මීලග ජනාධිපතිවරණය කැදවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here