Friday, September 20, 2024

2019 වෙනකොට අපි ආර්ථිකය හදලා තිබුණේ.මම හිටියනම් ආර්ථිකය ඉදිරියට ගෙනියනවා

සමගි ජන බලවේගයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටින්නේ තමන් යටතේ දේශපාලනය කළ අය බවත් දැන් තමන් තෙවැනි පෙළක් නිර්මාණය කරගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිරස නාළිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ” දෙපැත්තටම හදලා දීලා තියෙන්නේ මං අනිත් අයට වඩා”

වර්තමානයේ රට පවතින තත්ත්වයට දේශපාලනයේ සිටින සියලු දෙනා වගකිව යුතු බවද ඔහු පැවැසීය.

“මුහුණවල් වෙනස් කරලා නායකයන් වෙනස් කරලා මේක කරන්න බෑ. අපි ප්‍රතිපත්ති ගැන බලන්න ඕන. අපි අලුත් රාමුවකට යනවද ?  දේශපාලනය කියන්නේ රඟපෑමක්.

2019 වෙනකොට අපි ආර්ථිකය හදලා තිබුණේ. බෝම්බයෙන්වත් එච්චර වැටුණේ නෑ. මම හිටියනම් ඉදිරියට ගෙනියනවා. මගේ උපදෙස් දුන්නා. ඒක කළේ නෑ. සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මේ ප්‍රශ්ණයට මුහුණ දෙන්න පුළුවන්. අයි.එම්.එෆ්. ආධාර ගන්න ඕන.

ආර්ථිකය හදා ගන්න ඕන.මිලියන 1000ක විතර අඩුවක් තියෙනවා. මේක වහගෙන යන්න බෑ. ස්ෆොට් අරගෙන දුවන්න බෑ.”

අද

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles