Thursday, January 23, 2025

2020 දී රටේ ආර්ථිකයට විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ‌ඩොලර් මිලියන 7,104 ක දැවැන්ත දායකත්වයක්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තාගත ලෙස ඉහළ ගියේය. 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ඒක්සත් ජනපද ඩොලර් මිලියන 813 දක්වා සියයට 22.2 කින් වර්ධනය විය.

2020 වසරේ ජූනි  මාසයේ සිට දක්නට ලැබුණු වැඩිවීම මඟින් 2020 වසරේ දී සියයට 5.8ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරන ලද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, වසර තුළ දී ඒක්සත් ජනපද ඩොලර් මිලියන 7,104 ක් කරා ළඟා විය. මෙය 2019 වසරේ දී ඩොලර් මිලියන 6,717 ක් ලෙසින් වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින ප්‍රකාශයට පත් කරන ලද 2020 දෙසැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles