2020 වෙනකම් පෙරළන කතා බොරු -ඇමති විජේදාස රාජපක්ෂ

0
622
වත්මන් යහපාලන ආණ්ඩුවෙන් කවුරු ඉවත් වුණත් ආණ්ඩුව වට්ටන්න හෝ පෙරළන්න නොහැකි බවත් 2020 වනතුරු මේ රට පාලනය කරන්නේ ජනපති මෛත්‍රීපාල මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
සමහරු හිතාන ඉන්නේ ආණ්ඩුවට බහුතර බලයක් නැතිව රජය කරන්න බෑ කියලයි. හැබැයි පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිවත් අපි ආණ්ඩු කරලා අත්දැකීම් තිබෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. මම දන්න තරමින් මේ ආණ්ඩුවෙන්, එජාපයෙන් හෝ ශ්‍රීලනිප කිසිවකුත් අයින් වෙනවා කියලා නැතැයිද අයින් වෙන්න ඕනෑ නම් ඒ සඳහා ඕනෑම කෙනකුට නිදහස තිබෙන බවත්  විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here