Saturday, September 21, 2024

2021 අපනයන ආදායම ඩොලර් බිලියන 15.1 ක් උපයයි. අපනයන ආදායම 23% කින් ඉහළට

2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය 2020 වසරේ උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයක් බවය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනයෙන් උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි.

එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවායෑමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව 2021 වසරේ මාස 8ක් තුළ දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගනිමින් අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟාවීම පිළිබඳ ව අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බවද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙි අතර මෙරට ඉතිහාසයේ පළමු වතාවට පසුගිය වසරේ ධීවර අංශයේ වැඩිම අපනයන ආදායම වාර්තා වුණා.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පෙන්වා දුන්නේ 2020 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 215ක් සහ 2021 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 318ක් වූ බවයි.

ඉස්සන් නිෂ්පාදනය ද පසුගිය වසරේ ඉහළම මට්ටමක පැවති අතර එය ටොන් 14,415 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles