2021 වසර භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට

0
284

2021 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්‍රදානය මේ වනවිට ආරම්භ වී ඇති අතර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය මෙවර විද්‍යාඥයන් තිදෙනකුටත් වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනකුටත් හිමිව තිබේ.

කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇමෙරිකානු, ජර්මනි සහ ඉතාලි විද්‍යාඥයින් තිදෙනෙකු එක්ව නිර්මාණය කළ කාලගුණ මොඩලය ඇගයීමට ලක් කරමින් භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මෙවර හිමිව ඇත්තේ ඇමෙරිකන් ජපන් විද්‍යාඥ සියුකුරෝ මනාබේ, ජර්මනියේ කපවුස් හෙසල්මන් සහ ඉතාලියේ ජියෝරිජි පරීසිය යන විද්‍යාඥයින් තිදෙනා හටයි. ඒ බව නොබෙල් කමිටුව පසුගිය සඳුදා නිවේදනය කරනු ලැබීය.

මෙම වසරේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකු වන ඩේවිඩ් ජුපියස් සහ ආඩෙම් පැටපෝෂියම් හට හිමිව ඇති අතර මිනිස් සිරුරේ උෂ්ණත්වය සහ ස්පර්ශක සංවේදක සම්බන්ධයෙන් කළ නව සොයා ගැනීම් ඇගයීමට ලක් කරමින් වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය මොවුන් දෙදෙනාට පිරිනැමීමට නොබෙල් කමිටුව පසුගිය අඟහරුවාදා තීරණය කර තිබේ.

මෙම නොබෙල් ත්‍යාග ප්‍රදානයන් සමඟ රන් පදක්කමක් සහ ස්වීඩන් ක්‍රෝනර් මිලියන 10ක් හිමිවන අතර ත්‍යාග මුදල ලැබෙන්නේ 1896 දී මියගිය ස්වීඩන් ජාතික නව නිපැයුම්කරු ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ විසින් කරන ලද ඉල්ලීමකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here