2021 සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

0
491

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සඳහා ලබාදී තිබු කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබේ.

මෙතෙක් අයදුම්කර නොමැති සිසුන්ට අද දිනයේ අයදුම් කිරිමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මෙන්ම නිල ජංගම දුරකතන යෙදවුම ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු අතර රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත ලබාදී ඇති පරිශීලන නාම හා මුරපද භාවිතා කර අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය පසුගිය 10 වනදා අවසන්වීමට නියමිතව තිබූ අතර ඒ වෙනුවෙන් ලබාදෙන කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.ඒ අනුව පෙබරවාරි 17 වනදා දක්වා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කිරිමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 දින සිට ජූනි 01 දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here