Tuesday, September 24, 2024

2022 දක්වා නවසීලන්තය සංචාරකයින්ට තහනම්

අවම වශයෙන් මෙම වසර අවසානය දක්වා රටේ දේශ සීමා විවෘත නොකරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්දා ආඩර්න් ප්‍රකාශ කර ඇත. covid virus ආසාදිතයන් රට තුළට ඇතුළු වීම වැළැක්වීම සහ රටේ ආර්ථික කටයුතු විවෘත කර තැබීමට ඇති හොඳම උපාය මාර්ගය එය බව ඇය පෙන්වා දී තිබේ.

අගමැතිවරිය මෙම අදහස් පළ කර ඇත්තේ නවසීලන්ත වැසියන් නැවත ලෝකයට සම්බන්ධ කිරීම ගැන පැවැති සංවාද මණ්ඩපයේදී ය. තවමත් සම්පූර්ණයෙන් නැවත විවෘත කළ හැකි තත්ත්වයක රට නොපවතින බවත් ගනු ලබන සියලු ක්‍රියාමාර්ග අදාළ විශේෂඥයන්ගේ උපදෙස් මත පරිස්සමෙන් හා ඕනෑකමින් තීරණය කරන බවත් ඇය එහිදී අවධාරණය කළාය .

ලබන වසරේ ආරම්භයේ සිට නිරෝධායනයෙන් තොරව සංචාරකයන්ට පැමිණිය හැකි සංවෘත ආකෘතියක් අනුගමනය කිරීමට සැලසුම් කරමින් සිටින බව ඇය වැඩිදුරටත් වැඩිදුරටත් පවසා ඇත. 2021 අවසානය වන විට සමස්ත ජනගහනයට එන්නත ලබාදීමට ප්‍රමුඛතාවය දී ඇතැයි ඇය අවධාරණය කර තිබේ .

නවසීලන්තය සැලකෙන්නේ covid virus වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් අතලොස්ස අතරින් එකක් ලෙස ය. ලක්ෂ පනහක් වන එරට ජනගහණය අතරින් වාර්තා වී ඇත්තේ මරණ විසි හයක් පමණි. දේශ සීමා පාලනය සහ හදිසි අගුලු දැමීම හා ආසාදන අනුපාතය අඩු මට්ටමක තබා තබාගැනීමට නවසීලන්තයේ අනුගමනය කරන ලද පියවර අතර වේ.දූපත් රාජ්‍යයක් වීම ද නවසීලන්තය ලද විශේෂ වාසියකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles