2022 වසරේ පළමු පාසල් වාරය හෙටින් ඇරඹෙි

0
360

2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ සිසුන් ඉහළ ශ්‍රේණිවලට ඇතුළත් කෙරුණ ද පහළ ශ්‍රේණිවල මග හැරැණු විෂය කරුණු ආවරණයට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් සියලුම අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම්දී ඇති බවත් ඉහළ ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ද බාධාවකින් තොරව කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා

උසස් අධ්‍යාපනය ද බාධාවකින් තොරව සිදු කළ යුතු බව සියලු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here