2022 වසරේ ප්‍රථම අලියා සිතුල්පවිවෙිදී ඝාතනය කරයි

0
329

සිතුල්පව්ව තිස්සමහාරාම කොරගහ ප්‍රධාන මාර්ගය ප්‍රදේශයේදී අද අලියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා. මෙය දැනට වාර්තා වෙන 2022 වසරේ පළමු අලි ඝාතනයයි. මෙසේ ඝාතනයට ලක්වී තිබෙන්නේ වයස අවුරුදු 25ත් 30ත් අතර අඩි 10ක් පමණ උස අලියෙකි. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට එම ප්‍රදේශයේ අලි දහයක් විතර සැරිසරන අතර ඔවුන්ගෙන් මනුස්සයන්ට දැඩි හානි සිදු වී නොමැත. නිලධාරීන් උනන්දු වන්නේ නම් එම අලි යාල කැලයට රැගෙන යන්නට හැකියාව තිබෙන බව ද ප්‍රදේශවාසීන් පවසනවා. නමුත් අදාළ බලධාරීන්ගේ නිද්‍රාශීලීතාව හේතු කරගෙන මෙම ප්‍රශ්න දුරදිග ගොස් ඇති බව තමයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වන ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පාලකයන්ගේ වැරදි නිසා මිනිස්සුන සහ අහිංසක සතුන් අපහසුතාවයට පත්වී සිටින බවයි. යාල වනජීවී කලාපය භාර නිලධාරීන් පවසන්නේ මෙම ඝාතනයට වගකිව යුත්තන් සොයමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here