Sunday, December 22, 2024

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට හිමිවන තැන

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගෙන ඇති කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාව, කොදෙව් කණ්ඩායම, නැමීබියාවට හා ස්කොට්ලන්තයට ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය තුළ පළමු වටයේ සිට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 2020 ලෝක කුසලානය සඳහාද සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අසමත් වූ අතර කෙසේ නමුත් මූලික වටයේදී මුහුණ දුන් තරග 03 ම ජය ගනිමින් සුපර් 12 වටයට පැමිණීමට සමත් විය. එහිදී මුහුණ දුන් තරග 05 න් ශ්‍රී ලංකාව ජය ගත්තේ තරග 02 ක් පමණි. අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට එම දක්ෂතා ප්‍රමාණවත් නොවූ අතර මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පැමිණ තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles