Thursday, January 16, 2025

2022-01-24 | අමාත්‍ය මණ්ඩල තීරණ

ආදායම් මත බදු සම්බන්ධයෙන් ද්වීත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සඳහා වන ගිවිසුම්වලට එළඹීමේ විධිවිධාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

2007 අංක 54 දරන ඖෂධවලට අබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය ) පිළිබඳ පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය ලැබෙයි.

දේශියව නිපදවන ජීවානුහරිත ද්‍රව කුඩා පරිමා නික්ෂේපණ ද්‍රාවණ (Sterile Liquid small Volume Parenterals – SLSVP Injectables) රාජ්‍ය අංශය සඳහා මිල දී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට අනුමැතිය ලැබෙයි.

වී කිලෝවක් රුපියල් 75 බැගින් 2021/2022 මහ කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහනට අනුමැතිය ලැබෙයි.

ප්‍රාදේශිය හා දිස්ත්‍රික් මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කලාප ස්ථානගත කිරීම සහ නව ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබා දීමේ ජාතික ව්‍යාපෘතියට අනුමැතියට හිමි වෙයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය සහතික කෙරෙන සංශෝධිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලැබෙයි.

අවයව , පටක සහ සෛල බද්ධ කිරීම පිළිබඳ ශ්‍රි ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබෙයි.

වතු අංශය තුළ පවතින සෞඛ්‍ය ආයතන 59ක් පළාත් සෞඛ්‍ය බලධාරීන් වෙත පවරා දීමට තීරණය කරයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත්, කොටා පාර, රාජගිරිය පිහිටි ඉඩමේ අධිඋස (High – rise) සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබෙයි.

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකිරීමට අනුමැතිය හිමි වෙයි.

අකුරැස්ස නව බස් නැවතුම්පොළ ඉදිකිරීමට අනුමැතිය ලැබෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles