2024 සිට මෙරටට අවශ්‍ය වැලි පිටරටින් ආනයනය කිරීමෙි සැලසුමක්

0
323

2024 වසරේ සිට මෙරට සංවර්ධන වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන වැලි පිට රටින් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

පරිසර අමාත්‍යවරයා සඳහන් කරන්නේ වරාය නගර සංවර්ධන කටයුතු සඳහා මෙරට ගංගාවල වැලි ලබා දීමට නොහැකි බවයි.

ගංගාවලින් වැලි ලබා ගැනීම නතර වෙමින් තිබෙන අතර නැගෙනහිර පළාත සහ පොළොන්නරුවෙන් වැලි ලබා ගැනීම ද ක්‍රමානුකූලව නතර වන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ගැඹුරු මුහුදේ කැණීම් ලබා ගැනීමට සැලසුම් කළ ද ධීවර ප්‍රජාවගේ විරෝධතා එල්ල වීම නිසා මෙලෙස වැලි පිටරටින් ආනයනය කිරීමට අවධානය යොමු වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
2021-25 වසරවල් දක්වා කාලයේදී මෙරට වැලි අවශ්‍යතාවය ඝන මීටර් මිලියන 57ක් ලෙස ගණන් බලා ඇති නමුත් රටේ ඇත්තේ වැලි ඝන මීටර් මිලියන 42 ක ප්‍රමාණයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here