Sunday, January 12, 2025

2030 වනවිට පුනර්ජනනීය බලශක්ති භාවිතය 70% දක්වා ඉහළ නංවමින් විදුලි වාහන ප්‍රචලිත කිරීමට වැඩසටහන්

පුනර්ජනනීය බලශක්තිය භාවිතය 2030 වසර වනවිට 70%ක් දක්වා ඉහළ නැංවීමටත්, ඊට සමගාමීව විදුලියෙන් ධාවනය වන වාහන භාවිතය ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම ආරම්භ කර තිබෙන බව සූර්යබල. සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාතයංශය සඳහන් කරයි. මෙහිදී නියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි සිටියේය.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලිය යුතු බවද

රාජ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇත. ප්‍රවාහන ක්‍ෂේත්‍රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම හා ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කර තිබෙන පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව පසුගිය 12 වැනිදා සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කළ බවද රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීමටත්,

විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම බවත්, මෙරටට විදුලි වාහන ආනයනය කිරීමේදී විදේශීය සැපයුම්කරුවන්ගෙන් වාහන මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනාගැනීම පිළිබඳවත් සාකච්ඡා වූ බවත් සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමත්‍යංශය පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles