Friday, January 17, 2025

2031 වසරේ දී මුහුදට කඩා වැටෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS)

වර්ෂ 1998 නොවැම්බර් 20 වනදා නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station) 2031 වසරේ ජනවාරී මාසයේදී දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇති “Point Nemo” නමින් හඳුන්වනු ලබන ස්ථානයට කඩා වැටීමට නියමිත බව නාසා ආයතනය විසින් නිවේදනය කර තිබේ. එම ස්ථානය අභ්‍යවකාශ යානා සුසාන භූමිය ලෙසින්ද හඳුන්වනු ලබයි.

2021 වසරේදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ “Zarya” මොඩියුලය තුළින් කුඩා ඉරිතැලීම් හඳුනාගෙන ඇති අතර, ඒ අණුව එහි විනාශය අඳාළ කාල වකවානුවේදී සිදුවීමට නියමිත බවයි පැවසෙන්නෙ.

අභ්‍යවකාශ මධ්‍යස්ථාන මීට පෙර කක්ෂ ගතකර ඇතත්, වර්තමාන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය යනු පහළ පෘථිවි කක්ෂය තුළ පවතින මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලතම අභ්‍යාවකාශ වස්තුව වේ. එය පාපන්දු පිටියක් තරම් දිගින් සහ ටොන් 450 ක පමණ බරින් යුතු දැවැන්ත ප්‍රමාණයේ අභ්‍යාවකාශ වස්තුවකි. එම නිසා විනාශ වීමේදී එයින් නික්මෙන සුන්බුන් වැඩි ප්‍රමාණයක් වායුගෝලයේ දැවී නොයනු ඇත.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කඩා වැටීමට පෙර, රජයේ සහ පෞද්ගලික සමාගම් වලට අයත් ගගනගාමීන් යන දෙඅංශයේම භාවිතය සඳහා වෙනත් වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථාන දියත් කිරීම සඳහා නාසා ආයතනය පුද්ගලික සමාගම් තුනක් සමඟ දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වන අතර, මෙම නව වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථාන Blue Origin, Nanoracks LLC සහ Northrop Grumman Systems Corporation යන පුද්ගලික අභ්‍යාවකාශ ආයතන විසින් දියත් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිරි වැඩ කටයුතු අතර, මිනිසුන් නැවත සඳට සහ අඟහරු වෙත යැවීම සඳහා වූ අත්හදා බැලීම් ද මේ වනවිට සිදු කරමින් පවතින බව වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles