21ට එකඟාවක්…!

0
509

19 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස නැවත බලාත්මක කිරීමට අද(27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයින් එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම දෙවන පියවර ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ නායකයින් ඒකඟ වූ බව එම නිවේදනයේ දැක්වේ.

ආග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගි වූහ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා පක්ෂයේ නීතිඥයින් පිරිසක් එක්ව සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඊට සහභාගි වූයේ එහි මහලේකම් දායාසිරි ජයසේකර සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතායි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, දෙමළ ප්‍රගතිශීලි පෙරෙමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික සංගමයේ නායක පී. දිගම්බරන් යන මහත්වරුන් ද මෙම රැස්වීමට එක්ව සිටියේය.

උදය ගම්මන්පිල, ඩිලාන් පෙරේරා, වීරසුමන වීරසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here