21 පාසල් ඇරියත් විදුහල්පති එන්නේ නෑ

0
291

මේ මස 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන ලේකම්වරයාට දන්වා තිබේ.

ගුරුවරන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුවට තවමත් විසඳුමක් නොලැබී ඇති හෙයින් එම තීන්දුව ගත් බව ද ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා අධ්‍යාපන ලේකම්වරයා යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

ජාතික හා පළාත් සභා පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් එම තීන්දුව ක්‍රියාත්මක කරන බව ද එම ලිපියේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here