පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පුද්ගල නාශක බිම්බෝම්බ රැස්කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීමට තහනම් කිරීමට හා ඒවා විනාශ කිරීමට ශ්‍රී ලංකාව 2013 වසරේදී එකඟ වී තිබෙනවා.
ඒ 1997 වසරේ පැවති අන්තර්ජාතික වශයෙන් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිලිබඳ රාජත්‍රාන්තික සම්මුතියට එකඟ වෙමින්.
ඒ අනුව මෙම ගැසට් නිවේදනය පල කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමේ යෝජනාවට මෙසේ අමාත්‍යමණ්ඩල අනුමැතියහිමිවුණා.
(colombotimes.lk)