Friday, September 20, 2024

ඉන්දියාව සහ ඇමරිකාව ආරක්ෂක සබදතා දියුණු කර ගැනීමේ සාකච්ඡාවක

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී අමෙරිකාව හා ඉන්දියාව අතර 2 ප්ලස් 2 අන්තර් සැසි සංවාදය ඉකුත්දා පවත්වා තිබේ.

ඊට සහභාගී වීම සදහා අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් නවදිල්ලියට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.

ඉන්දියාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ එරට ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සංවාදයට එක්ව සිටියහ.

ට්විටර් සටහනක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ දෙරටේ උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් පුලුල් කර ගැනීමේ අරමුණින් 2 ප්ලස් 2 සංවාදය පැවැති බවයි.

කලාපීය ආරක්ෂාව, විද්‍යාව සහ තාක්ෂණය, කාලගුණ විපර්යාස, සෞඛ්‍ය, වෙලද කටයුතු සහ දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය වැනි කරුණු සම්බන්ධයෙන් එහිදී වැඩි අවදානයක් යොමුව තිබේ.

ඊට අමතරව නැගෙනහිර ආසියාව ප්‍රධානව ප්‍රධානව කලාපීය වශයෙන් උද්ගත වී තිබෙන ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ද දෙරටේ ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි අවදානමක් යොමුව තිබූ බව පැවසේ.

තොරතුරු හුවමාරුව, ආරක්ෂක කාර්මික සහයෝගිතාවය සහ ඒකාබද්ධ සේවා කටයුතු සම්බන්ධයෙන් ද එහිදී වැඩිදුරටත් සමාලෝචනය කර තිබේ.

මේ අතර ඉන්දියාව සහ අමෙරිකාව අතර සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති තවත් සාකච්ඡාවකදී ඔස්ට්‍රේලියාව, ජපානය සහ යුරෝපානු කලාපය සමග පවතින ද්විපාර්ශවික සහ බහුපාර්ශවික සම්බන්ධතා ජාලය තවදුරටත් පුලුල් කර ගැනීම සම්බන්ධයෙන් ද අවදානය යොමු කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles