ඇෆ්ගනිස්ථානයේ කුසගින්න නිවීමට ආර්ථික සම්බාධක ඉවත් කරන්නැයි ඉල්ලීමක්.

0
586
An Afghan family prepares tea for their breakfast in Kabul December 2, 2011. Kabul's residents have called on delegates at next week's international talks on Afghanistan in Bonn to put their needs on the agenda, saying the government is not doing enough to alleviate poverty and hunger in the Afghan capital. Picture taken December 2, 2011. REUTERS/Omar Sobhani (AFGHANISTAN - Tags: SOCIETY) - GM1E7C314IC01

ඇෆ්ගනිස්ථානය තුළට සහ ඇතුළත මුදල් සංසරණය වීම වළක්වන ආර්ථික සම්බාධක ඉවත් කිරීමට වහාම කටයුතු කරන ලෙස නෝර්වීජියානු සරණාගත කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ.

අදාළ සම්බාධක හේතුවෙන් හදිසි සහන සැපයීම අවහිර වී ඇති බව නෝර්වීජියානු සරණාගත කවුන්සිලය මගින් පෙන්වා දී ඇත.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන, ඇෆ්ගනිස්ථානයේ මහ බැංකුව නැවත ආරම්භ කිරීමට සහාය විය යුතු බව ද නෝර්වීජියානු සහන කවුන්සිලය අවධාරණය කර තිබේ.

ඒ සඳහා පියවර නොගන්නේ නම් මිලියන සංඛ්‍යාත මිනිසුන්ට මානුෂීය ආධාර හා උපකාර කිරීමට මානුෂීය සංවිධානවලට නොහැකි වන බවත් මේ වනවිට සාගින්නෙන් පෙළෙන මිලියන 23 ක් වන ජනතාව තවත් දුෂ්කරතාවල‍ට මුහුණ දෙනු ඇති බවත් එම කවුන්සිලය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here