ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පළමු තැන නවසීලන්තයට

0
724

ලෝකයේ රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ ප්‍රථම ස්ථානයට පැමිණීමට නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායම සමත් වෙයි.පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පැවති රග්බි ශුරතා තරගාවලියේ තරගයක දී ලකුණු 36ට 13ක් ලෙස ආර්ජන්ටිනාව පරාජය කරමින් නවසීලන්ත කණ්ඩායම එම ජයග්‍රහණය අත්කර ගත්තේය.මීට පෙර ලෝකයේ රග්බි කණ්ඩායම් අතර පළමු ස්ථානයේ පසුවුයේ දකුණු අප්‍රිකාවයි.1996 දී ආරම්භ වු එම තරගාවලියේ වැඩිම ශුරතා සංඛ්‍යාවක් දිනා ඇත්තේ ද නවසීලන්තයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here