24 පැයේ විදුලි කප්පාදුවක් ?

0
745
power cut

ජනතාව පීඩාවට පත්වන ආකාරයේ කිසිදු විදුලි විසන්ධිවීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති අනිල් රංජිත් මහතා පැවසුවේ, පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට කටයුතු නොකරන බවත් විදුලි විසන්ධි කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කටයුතු කරන බවට සාමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ අසත්‍ය බවත් ය.

“අපි කිසිම වේලාවක ජනතාවට පීඩාවෙන පරිදි විදුලිය විසන්ධි කිරීමට කිසිදු අදහසක් නෑ.අපි සියලුදෙනාම එළියට ගියොත් අනිවාර්යයෙන්ම විදුලිය විසන්ධි වෙනවා. නමුත් එවැනි ක්‍රියාවලියක් අපි කරන්නේ නෑ. මොකද විදුලිය පවත්වාගෙන යෑම මේ අවස්ථාවේ දී හරිම වැදගත්.මොකද කිසිකෙනෙකුට ෆොන් එකක් චාජ් කර ගන්න, කතා කරන්න කිසිම දෙයක් කරන්න බැරිවෙනවා.ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මොන හේතුවක් නිසාවත් අපි විදුලිය විසන්ධි වෙන්න දෙන්නේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here