Saturday, September 21, 2024

25 වැනිදා සිට අලුත් වන ගුරු විදුහල්පති වර්ජනය

පාසල් විවෘත කිරීමෙන් පසු දෙවන දිනටත් ක්‍රියාත්මක ගුරු විදුහල්පති වැඩවර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මෙම වැඩවර්ජනය හරහා  ගුරු විදුහල්පතිවරු ආණ්ඩුවට දී තිබෙන පණිවිඩය අනුව අයවැයට පෙර සිය වැටුප ලබාදීම ගැන තීරණයක් ගන්නා ලෙසයි එම සන්ධානය සඳහන් කළේ.

මේ අතර ලබන 25 වැනිදා පස්වරු 02.00 න් පසු දැනට පාසල් පැමිණෙන සහ තවදුරටත් නිවෙස් වල සිටින ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතිවලට අනුව රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියේය.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9179298562620056&output=html&h=280&adk=351404207&adf=1693081790&pi=t.aa~a.675357545~i.9~rp.4&w=695&fwrn=4&fwrnh=100&lmt=1634958495&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=8486121613&psa=1&ad_type=text_image&format=695×280&url=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F127-general-news%2F95562-25-%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25AF%25E0%25B7%258F-%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25A7-%25E0%25B6%2585%25E0%25B6%25BD%25E0%25B7%2594%25E0%25B6%25AD%25E0%25B7%258A-%25E0%25B7%2580%25E0%25B6%25B1-%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B7%2584%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25B4%25E0%25B6%25AD%25E0%25B7%2592-%25E0%25B7%2580%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25A2%25E0%25B6%25B1%25E0%25B6%25BA–VIDEO-&flash=0&fwr=0&pra=3&rh=174&rw=694&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMC4wLjAiLCJ4ODYiLCIiLCI5NS4wLjQ2MzguNTQiLFtdLG51bGwsbnVsbCwiNjQiXQ..&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hdHRlc3RhdGlvbi5hbmRyb2lkLmNvbSIsInN0YXRlIjo3fV0.&dt=1634958504121&bpp=4&bdt=2683&idt=4&shv=r20211020&mjsv=m202110180101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D561f3197f3f2d63d-22d1e94251cc0087%3AT%3D1633745703%3ART%3D1633745703%3AS%3DALNI_MbACWnrVjokWxbayDlhQntWx9RORA&prev_fmts=0x0&nras=2&correlator=675971341412&frm=20&pv=1&ga_vid=355128252.1633715188&ga_sid=1634958504&ga_hid=1239020356&ga_fc=1&u_tz=330&u_his=1&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&adx=185&ady=749&biw=1349&bih=625&scr_x=0&scr_y=0&eid=31062937%2C31063218%2C21067496&oid=2&pvsid=1982967135384231&pem=914&ref=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C0%2C0%2C1366%2C625&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&ifi=2&uci=a!2&btvi=1&fsb=1&xpc=Qvq0p6bIGp&p=https%3A//www.lankanewsweb.net&dtd=M

එළඹෙන අයවැයට පෙර මෙම වැටුප දෙන ආකාරය ගැන තීන්දුවක් නොගත හොත් හතරවන අදියරේදී සියලුම පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔන් ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නම් එම පහසුකම් නැති දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද ඒවා ලබාදෙන්නේ නම් පමණක් ඔන් ලයින් ඉගැන්වීම් සිදුකරන බව ගුරු විදුහල්පති සන්ධානය අවධාරණය කරන ලදී.

25 වැනිදා 200ට අඩු දරුවන් සිටින 1- 5 ශ්‍රේණිවල දරුවන්ගේ දෙමව්පියන්ද මෙම ගුරු විදුහල්පති සටන ගැන දැනුවත් කර ඔවුන්ගේ සහයද ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර ගුරු විදුහල්පතිවරු මෙතෙක් කාලයක් ඉගැන්වීම් කටයුතුවලට අමතරව පාසල් තුළ සිදුකළ සෙසු කටයුතු සියල්ලෙන් වැළකෙන අතර කැඳවා තිබෙන  රැස්වීම වලට පස්වරු 01.30න් පසු සහභාගී නොවීමටද තීරණය කර ඇති බව වෘත්තීය සමිති නායකයින් පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles