275% කින් පැරසිටමෝල් භාවිතය ඉහළ යයි

0
317

ඔමික්‍රොන්, ඩෙංගු සහ වයිරස් උණ යන රෝගී තත්ත්වයන් මත පසුගිය සතිවල පැරසිටමෝල් පෙති සඳහා ඇති ඉල්ලුම සියයට 275 කින් ඉහළ ගොස් ඇති බව නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඔමික්‍රොන්,ඩෙංගු සහ වයිරස් උණ තත්ත්වයන් පාලනය කිරීමට පැරසිටමෝල් යොදා ගැනීම මෙම ඉල්ලුම ඉහළ යාමට හේතුව බවයි.

ලෝක වෙළෙඳපොළේ පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ සමාගම් ඒවා ආනයනය කිරීමට මැලිවීමත් දේශීය වෙළෙඳ පොළේ පැරසිටමෝල් පෙති හිඟයක් ඇතිවීමට බලපා ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

එබැවින් අවශ්‍ය පැරසිටමෝල් පෙති තොග උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බවද ඒ මහතා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here