Monday, September 23, 2024

භික්ෂූන් වහන්සේ නමක් මට කෝටි තුනක් දුන්නා.චන්ද්‍රිකා ඇත්ත හෙළි කරයි.

ජනාධිපති ලෙස ජපානයේ කළ නිල සංචාරයක දී එහි වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් තමන්ට රුපියල් කෝටි තුනක මුදලක් ලබාදුන් බවත් තමන් එය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු චන්ද්‍රිකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

විජය කුමාරතුංග මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.ජන්ම දිනය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටියි.

ජනාධිපති ලෙස මා ජපානයේ කළ නිල සංචාරයකදී මා හමුවීමට පැමිණි මහායානික භික්ෂුන් වහන්සේ නමක්, හමුව අවසානයේ මට ලංකා මුදලින් කෝටි තුනක මුදලක් ලබා දෙන බව පවසමින් පාර්සලයක් පිරිනැමීය. මම එම ත්‍යාගය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළෙමි.

එවිට උන්වහන්සේ නොසතුටට පත්විය. තත්ත්වය තේරුම් ගත් එතැන සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මුදලින් විජයගේ ගමේ ඔහු නමින් රෝහලක් ඉදිකිරීමට යෝජනා කළේය.

සීදුව විජය කුමාරතුංග රෝහලේ අතීත කතාව එයයි. අද ද මාගේ සැලකිය යුතු කාලයක් ඒ රෝහලේ ප්‍රවර්ධනය වෙනුවෙන් කැප කරමි. ඔහු වෙනුවෙන් සිදු කරන ඵලදායී පින්කමක් ලෙස සලකා ඉදිරියට ද එහි උන්නතිය වෙනුවෙන් කැපවෙමි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles