Saturday, September 21, 2024

⁣2021 මූල්‍ය වර්ෂය සඳහා ලංකා IOC සමාගම ලාභාංශ ප්‍රකාශයට පත් කරයි

මෙරට ඉන්ධන අලෙවියේ නිරත සමාගමක් වන ලංකා අයි.ඕ.සී. සමාගම 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු සහ අවසාන ලාභාංශය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව එක් කොටසකට සත 85 ක ලාභාංශයක් නිවේදනය කර ඇත.

2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. මිලියන 876.74 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් ලංකා අයි.ඕ.සී. සමාගම වාර්තා කර තිබුණු අතර 2021 වසරේ අප්‍රේල් – ජූනි කාර්තුව තුළ පමණක් සමාගම ලබා තිබූ ලාභය රු. මිලියන 273 කි.

කෙසේ වෙතත් පසුගිය දා (11) පැවති මාධ්‍ය හමුවක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ම පසුගිය අගෝස්තු මාසයේ 31 වන විට රු. බිලියන 70 ක අලාභයක් ඛනිජ තෙල් සංස්ථාවට විඳීමට සිදුව ඇති බවයි.

“ඉන්ධන මිල ඉහළ දැමුවේ ජුනි මාසේ 11 වෙනිදා. ඒ අවස්ථාව වෙන කොට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පෙට්‍රල් 92, ඩොලර් 78.8 යි. ඩීසල් 76.7 ක් තමයි තිබුණේ. අද වෙනකොට පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 92 ක් බවට පත්වුණා. ඩීසල් 92.67 කට ඉහළ ගිහිං තියෙන්නේ. මෙම තෙල් මිල ඉහළ යාමත් එක්ක අද වෙන කොට පෙට්‍රල් ලීටරයකින් රු. 14.56 ක පාඩුවක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබනවා. එසේම ඩීසල්වලින් රු. 31.46 කින් වැඩිවෙලා තිබෙනවා අලාභය. මෙම තෙල් මිල ඉහළ යාමත් එක්ක අගෝස්තු මාසයේ 31 වෙනිදා වෙන කොට රු. බිලියන 70 ක පාඩුවක් අපි ලබනවා. ඒ නිසා ඛනිජ තෙල් සංස්ථාව මේ වගේ අවස්ථාවක දී සිදුකළ යුතු ප්‍රධාන කාරණාව තමයි ඉන්ධන මිල ඉහළ දැමීම“, යනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ලංකා අයි.ඕ.සී. සමාගම විසින් 2012 දෙසැම්බර් 17 දින මෙම ලාභාංශ සිය කොටස්කරුවන් හට ගෙවීමට නියමිතය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles