යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ කලාප දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් කටයුතු කර ඇත . ඒ, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ප්රදේශයි.
2014 වසරේ සිට යුක්රේන රජයට එරෙහිව කැරලිකරුවන් පිරිසක් සටන් වදින්නේ මෙම ප්‍රදේශ ස්වාධීන රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස බලකරමින්. ඒ, රුසියාව විසින් යුක්රේනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි “ක්රිමියාව” තම පාළනයට ඈදා ගැනීමෙන් පසුවයි.
ඒ අනුව ආරම්භ වූ සටන් හේතුවෙන් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් කලාප ආශ්‍රිතව 2015 දී සටන් විරාමයක් ප්‍රකාශයට පත්කෙරුණා. එහි කැරලිකරුවන්ට ආයුධ සහ ආධාර ලබාදෙන්නේ රුසියාව බවටයි යුක්රේනය සහ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළේ.
දැන් එම ප්‍රදේශ ස්වාධීන රාජ්‍යයන් ලෙස රුසියාව පිළිගැනීමත් සමඟ යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශවලට ඇතුලුවීමට රුසියානු හමුදාවන්ට මඟක් පෑදී ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ඊට අසානන්තම හේතුව වී ඇත්තේ යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයට අයත් මෙම කලාප දෙකෙහි ම සාමසාධක කාර්යයන් ඉටුකරන ලෙස සිය හමුදාවන්ට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් නියෝග කිරීමත් සමඟයි.
මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව එහිදී ඉලක්ක කළ යුතු පුද්ගලයින් කවරේදැයි යන්න සම්බන්ධයෙන් ලැයිස්තුවක් පවා මේ වන විට සකස් කර ඇතැයි ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබ තිබෙි.
මෙි අතර යුක්රේනයේ සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට ඉන් ඉවත් වන ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිල්න්කන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ.
නැගෙනහිර යුක්රේනයේ ඩාන්යෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ නිදහස් රාජ්‍යයන් ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වය තවත් උත්සන්න වී තිබෙනවා.
රුසියාවේ මෙම ක්‍රියාව ඇමරිකාව ඇතුළු ලෝක නායකයින් රැසක් හෙළා දැක තිබුණා.