30ට වැඩි සමස්ත ජනගහනයෙන් 95%ක් එන්නත අරන්

0
329

අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහනයෙන් 95% ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම දී ඇති බව කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ඊයේ (01) සදහන් වීය.

අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදු කෙරෙමින් තිබෙන අතර, එන්නත් දීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් කළ යුතු බවටත් එහිදී තීරණය කර තිබේ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (1) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ බව අණාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here