Monday, December 30, 2024

පාසල් දරුවන්ට චීනයෙන් අලුත් නීතියක් – උපකාරක පන්ති නවතා දැමීමටත් අවධානය !

පාසල් දරැවන්ට නිවසේදී ලබාදෙන පාඩම් ක්‍රියාකාරකම් අඩු කිරීම සඳහා චීනය විසින් නීතියක් සම්මත කර තිබේ. පාසල් ඉගැන්වීම්වලින් පසු දරැවන් අධික ලෙස නිවසේදී පාඩම් ක්‍රියාකාරකම්වලට යොමුකිරීම තුළින් ඇතිවන පීඩනය අවමකිරීම නව අධ්‍යාපන නීතීයේ අරමුණ බව එරට බලධාරීන් පැවසුවේ.

තම දරැවන්ට විවේක ගැනීම සහ ව්‍යායාම කිරීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ නොදෙන ලෙසත් චීන බලධාරීන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිති.

චීනය වයස අවුරැදු 6 සහ 7 දරැවන් සඳහා ලිඛිත විභාග පැවැත්වීමද පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කළේය.

මෙි අතර පසුගිය ජූලි මාසයේදී චීනය විසින් උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන්ද දැඩි සීමා පැනවීමට පියවර ගත් අතර මේ වන විට උපකාරක පන්ති මුලුමනින්ම පාහේ අඩපණ වී ඇති බවට වාර්තා වේ.

ඉතා දිගු සේවා මුරවල යොදීමට සිදුවෙන චීන දෙමාපියන් හට සිය දරුවන් සමඟ ගතකිරීමට සිදුවන කාලය ඉතාම අල්ප වන අතරම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීම ද අභියෝගයක්වී ඇත.

එම තත්ත්වය අනුව බොහොමයක් දෙමාපියන් උපකාරක පන්තිවල පිහිට පැතීමට සිදු වුව ද මේ වන විට එම කටයුතු ද අඩාල වීමෙන් ඔවුන්ට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව ද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles