මහ බැංකු අධිපතිගේ ඉරණම කෝප් තීන්දුවෙන්

0
330

 

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව තමාට එරෙහිව පවතින පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක්දැයි නොදැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති පදවියට යළි ඉදිරිපත් නොවන බව අර්ජුන් මහේන්ද්‍රන් පවසයි.

ඔහු පවසා ඇත්තතේ තමන් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් සේවා දිගුවක් බලාපොරොත්තු නොවන බව මූල්‍ය මණ්ඩලය වෙත දැනුම්දී  ඇති බවයි.

මහබැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා ගැන මේවන විට කෝප් කමිටුව හමුවේ විමර්ශනයක් ද සිදුවෙයි.

බැඳුම්කර අලෙවියේදී ඔහු සිය බෑණාගේ සමාගමකට රහස්‍ය තොරතුරු ලබාදෙමින් මහබැංකුවට කෝටි ගණනක් අහිමි කළ බවට චෝදනා නඟා තිබේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද ආණ්ඩුවට ඇඟිල්ල දිගුකරමින් චෝදනා එල්ල වී ඇති මහබැංකු අධිපතිවරයාට තවදුරටත් එම තනතුර දැරීමට ඉඩනොදිය යුතු බව කියමින් මෑතක සිට විරෝධතා ආරම්භ කරන ලදී.

ඔහුගේ නිල කාලය ජූනි 30 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here