Saturday, September 21, 2024

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු දෙකහමාරට කරලා තිබෙන දේවල් ගැන සතුටු වෙන්න ඕනේ – මහජන ආරක්ෂක ඇමති

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර තිබෙන විමර්ශන සම්බන්ධයෙන් සතුටු විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) මාලඹේ නව පොලිස් ස්ථානය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දැනටමත් තිස්දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙන අතර එලෙස නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකි වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන හේතුවෙන් බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සාක්ෂිකරුවන්ට නිදහස් වී යාමට ඇති ඉඩ අහුරමින් නිසි ලෙස ඒවා විමර්ශනය කිරීම සඳහා යම් කාලයක් ගත වෙන බවයි.

කොපමණ කල් ගත වුවද වර්තමාන රජය තිබෙන තාක්කල් එම වරදකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ නොදෙන අතර ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙහි සම්පූර්ණ වගකීම එවකට බලයේ සිටි යහපාලන රජය භාර ගත යුතු බවයි වීරසේකර මහතා අවධාරණය කළේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles