Wednesday, December 25, 2024

ප්‍රසන්න විතානගේගේ “ගාඩි” සිනමා පටය ආසියා පැසිෆික් සිනමා සම්මානය දිනයි

ආසියා පැසිපික් කලාපයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන  ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී සංස්කෘතික විවිධත්වය සහ  සුරැකිමෙහිලා උපරිම කලාත්මක දායකත්වය දක්වන විශිෂ්ටතම සිනමා නිර්මාණයට යුනෙස්කෝ සංවිධනයෙන් පිරිනැමෙන සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ ගාඩි චිත්‍රපටයට හිමිව තිබෙනවා.

14 වැනි ආසියා පැසිපික් සිනමා උළෙලේ අන්තර්ජාතික තේරීම් කමිටුව ඊයේ එය නිවේදනය කළා.මෙවර ඒ සඳහා කලාපීය රටවල් 25කින් සිනමාපට 38ක් නිර්දේශ වී තිබිණි‍.

සම්මානිත ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේගේ නවතම සිනමාපටය වන “ගාඩි”(Children of the Sun), මෙවර ආසියා පැසිෆික් සිනමා උලෙළේ දී යුනෙස්කෝ සංවිධානයේ අනුග්‍රහය මත ලබාදෙන “Cultural Diversity Award” නම් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී  ලංකාව ආසියා පැසිෆික් සිනමා උලෙළක දී හිමිකරගත් පළමු සම්මානය ද එය වේ.


අපේ රටේ “රොඩ්ඩන්” බවට පත්කළ ජන සමූහයකට ඔවුන්ට හිමි ගරුත්වය ලබා දීමට දායකත්වය දුන් “ගාඩි” කණ්ඩායමට ස්තුතිය පුදකරන බව, ප්‍රසන්න විතානගේ මහතා ප්‍රකාශ කළා.

2009 වසරේ පැවති ආසියා පැසිෆික් සිනමා උලෙළේ දී ද ඔහුගේ “ආකාස කුසුම්” සිනමාපටය “Best Performance by an Actress” සම්මානය සඳහා නිර්දේශ විය.

එසේම, “ගාඩි”  සිනමාපටය ඉකුත් වසරේ දී බංගලාදේශයේ ඩකා නුවර පැවැති අන්තර්ජාතික ඩකා සිනමා උලෙළේ දී ද, ජූරියේ විශේෂ ගෞරව සම්මානය හිමිකරගත්තේ ය. 

‘ගාඩි’ නුවර යුගයේ අවසාන කාලය (1814) පසුබිම් කරගත් සිනමාපටයක් වුව ද, මානුෂික සබඳතා වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්කර තිබේ. 90 දශකයේ සිට එහි තිර පිටපත අධ්‍යක්ෂකවරයා ලියමින් සිට ඇත. සජිත් අනුත්තර, ඩිනාරා පුංචිහේවා, අයිරාංගනී සේරංසිංහ, දමයන්ති ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර ඇතුළු නව පරපුර සහ ප්‍රවීණ යන අංශ නියෝජනය කරන රංගන ශිල්පීහු මීට රංගනයෙන් දායක වෙති. ඉන්දීය කැමරා අධ්‍යක්ෂකවරයකු වන ඩබ්.රජීව් රවි පළමු කැමරා ඒකක අධ්‍යක්ෂ ලෙස ද, සම්මානිත කැමරා අධ්‍යක්ෂ එම්.ඩී.මහින්දපාල දෙවන කැමරා ඒකක අධ්‍යක්ෂ ලෙස ද මීට දායක වී ඇත. “ගාඩි” ලංකාවේ වැඩිම මුදලක් වැය කළ චිත‍්‍රපටය බව සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සාකච්ඡාවක දී පවසා තිබිණි. 

ප්‍රසන්න විතානගේ විසින්, සිසිල ගිනිගනී (1992), පවුරු වළලු (1999), අනන්ත රාත්‍රිය (2001), පුරහඳ කඵවර (2001), ඉර මැදියම (2005), ආකාස කුසුම් (2010), ඔබ නැතිව ඔබ එක්ක (2015), උසාවිය නිහඬයි (2016) ඇතුළු සිනමාපට ගණනක් අධ්‍යක්ෂණය කරන ලදී. මේ වනවිට දෙස්-විදෙස් සිනමා සම්මාන උලෙළවල්හිදී සම්මාන 34ක් පමණ ඔහු දිනා ඇති අතර, සම්මාන 23කට නිර්දේශ වී ඇත. 

ආසියා පැසිපික් කලාපයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන  ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී සංස්කෘතික විවිධත්වය සහ  සුරැකිමෙහිලා උපරිම කලාත්මක දායකත්වය දක්වන විශිෂ්ඨතම සිනමා නිර්මාණයට යුනෙස්කෝ සංවිධනයෙන් පිරිනැමෙන සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ ගාඩි චිත්‍රපටයට හිමිව තිබෙනවා.

රටවල් 70ක් ඇතුළත් ආසියා පැසිපික් කලාපයෙන් ඉදිරිපත් කළ චිත්‍රපට සහ ශිල්පීන් මෙවර නිර්දේශයන්ට සහ සම්මානයන්ට පාත්‍ර වී තිබෙනවා.

ශ්‍රී ලාංකීය චිත්‍රපට සහ ශිල්පින් මෙම සම්මානය සඳහා මිට පෙර සම්මාන වෙනුවෙන් නිර්දේශ වී තිබුණද සම්මානය හිමිවන පළමු අවස්ථාව මෙයයි.

සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ තිර රචනාව ලියා අධ්‍යක්ෂණය කළ “ගාඩි” දසවැනි සිනමා නිර්මාණය වන අතර, කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූවක්.

ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ  ගාඩි නිෂ්පාදනය කර තිබෙන්නේ සන්ධ්‍යා සල්ගාදු, ඇලන් මැක්ඇලෙක්ස්, අජේ රායි, එච් ඩි ප්‍රේමසිරි, සහ ප්‍රසන්න විතානගේ විසින්.

“ගාඩි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි.

රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.

ආසියා පැසිෆික් සිනමා උලෙළ නොවැම්බර් 11 වැනිදා පැවැත්වෙනු ඇති අතර,එහිදී මෙම සමිමානය පිරිනැමීමට නියමිත අකර “ගාඩි” මෙරට සිනමාශාලාවල ද නුදුරේ දී ම තිරගත වනු ඇත.

ගාඩි ළඟදීම මෙරට සිනමාශාලා වල තිරගත වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles