NASA ආයතනය විසින් ගඟනගාමී පුහුණුවට ආ 12000 ක් අතරින් 10 දෙනෙකු තෝරා ගනී

0
793

ඇමෙරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය සිය මීළග ගගනගාමී පුහුණුව සදහා 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා තෝරාගත් බව පවසයි. ඒ අනුව පිරිමින් 6දෙනෙකු සහ කාන්තාවන් 04 ලෙස මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.

එහිදී මෙම පිරිස පහළ පෘථිවි කක්ෂයේ ද සිට චන්ද්‍රයා දක්වා වන මෙහෙයුම් සඳහා පුහුණු කිරීම අරමුණ වී ඇතැයි සඳහන් පවයි.කෙසේ වෙතත් මෙම අවස්ථාව සම්බන්ධයෙන් නිකුත්කළ දැනුම්දීමටඅනුව තමන් වෙත අයදුම්පත් 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි වූ බව NASA ආයතනය පවසයි. ඒ අනුව ඉතාමත් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මෙම අවසන් 10 දෙනා තෝරාගැනීමට එම ආයතනයට සිදුව තිබේ. තෝරාගත් මෙම පිරිසට වසර දෙකක කාලයක් හූස්ටන්හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පුහුණුව ලබාදීම සැලසුම වී තිබේ. එහිදී T-38 Talon මාදිලියේ ජෙට් යානා මෙම පුහුණුව සදහා යොදාගන්නා බව සඳහන් වෙයි.මොවුන්ගෙන් ලාබාලතමයා වයස අවුරුදු 32ක් වන නිකොලේ අයර්ස්ය.

ප්‍රහාරක ගුවන් යානා නියමුවරියක වන ඇය මේ දක්වා ප්‍රහාරක පැය 200ක් සහ ගුවන් පථය 200ක කාලයක අත්දැකීම් ඇති තැනැත්තියකි. ඇයට අමතරව මාර්කොස් බෙරියොස්, ක්‍රිස්ටිනා බිර්ච්, ඩෙනිස් බර්න්හාම්, ලූක් ඩෙලානි, ඇන්ඩෙ ඩග්ලස්,ජැක් හාත්වේ, ක්‍රිස්ටෝපර් විලියම්ස්,ජෙසිකා විටිනර් සහ අනිල් මෙතන් යන පිරිසද මෙම කණ්ඩායමට අයත් වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here