බහුතර පිපිරීමිවලට හේතුව ප්‍රමිතියේ ගැටළු ගෑස් මරණ ලිට්‍රොට නඩු දාන්න නිමිත්තක් නෑ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

0
296

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඊයේ (20) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවේ දී ලිට්‍රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ හා පොලිසිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සමරකෝන් හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා අදහස් දක්වන ලදි.

හෙිදී මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ,

ගෑස් උදුන් සඳහා භාවිතා කරන උපාංග ප්‍රමිතියෙන් තොරවීම සහ නිවැරදි ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් බහුතරයක් සිදුවීම් සිදුව ඇති බවට ඒ අනුව වාර්තා වී ඇති අතර, එබැවින් එම කිසිදු සිදුවීමක් සපරාධි හැගීමකින් කළ බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බැවින් නඩු පැවරීමට නඩු නිමිත්තක් නැහැ“ යනුවෙනි.

ගෑස් කාන්දු හා පිපිරීම් නිසා ඇති වූ සිදුවීම්වලට අදාළව හානිපූරණයට සහ අදාළ ආයතනවලට එරෙහිව නිතිමය පියවර ගන්නේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ එවැනි සිදුවීම් වූ ස්ථාන රජයේ රස පරික්ෂකවරුන් විසින් විධිමත් පරීක්ෂණවලට භාජනය කර තිබෙන බවයි.

ගෑස් උදුන් සඳහා භාවිතා කරන උපාංග ප්‍රමිතියෙන් තොරවීම සහ නිවැරදි ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් බහුතරයක් සිදුවීම් සිදුව ඇති බවට ඒ අනුව  වාර්තා වී ඇති අතර, එබැවින් එම කිසිදු සිදුවීමක් සපරාධි හැගීමකින් කළ බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බැවින් නඩු පැවරීමට නඩු නිමිත්තක් නැති බව දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

නිවැරදි ප්‍රමිතියෙන් යුත් ගෑස් උදුන් සහ උපාංග වගකීම් සහිත ආයතනවලින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ද මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here