පෙට්රල්වල ප්‍රමිතිය ඔක්ටේන් 92 සිට ඔක්ටේන් 91 දක්වා බාල කර ඇති බවට කරන ප්‍රකාශය ජනතාව නොමඟ යවන ප්‍රබන්ධයක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ මාධ්‍ය මඟින් විවිධ පුද්ගලයන් ප්‍රකාශ සිදු කළත් මෙතෙක් එකම පැමිණිල්ලක්වත් පාරිභෝගික සේවා අංශයට ලැබී නැති බවත් එවන් ගැටලුවක් තිබේ නම් 011-5455130 දුරකතන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කළේය.
2014 වසරට පෙර සැපයුවේ ඔක්ටේන් 90 පෙට්‍රල්. තාක්ෂණික කමිටුවක් මඟින් 2014 දී තීන්දු කළා එය 92 දක්වා දියුණු කිරීමට. ඊට ප්‍රධානතම හේතුව වුණේ පිරිපහදුවේ නිෂ්පාදනය කළේ ඔක්ටේන් 92. සෑම ටෙන්ඩරයක්ම කැඳවන්නේ ඔක්ටේන් 92 සඳහායි. ටෙන්ඩරයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් දීම සැපයුම්කරුවන්ගේ වගකීමක්. යැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ඕනෑම ඉන්ධන වර්ගයක් ආනයනය කරන විට ඉන්ධන නැව්ගත කරන ස්ථානයේදී ස්වාධීන පරීක්ෂකවරයකු විසින් සාම්පල පරීක්ෂා කර නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට වාර්තාවක් සපයනවා. එම ඉන්ධන තොග ගොඩ බෑමට කලින් නැවට ගිහින් ගන්නා සාම්පල කොලොන්නාවේ සහ සපුගස්කන්ද යන රසායනාගාර දෙකක පරීක්ෂා කරනවා. නියමිත ප්‍රමිතිය තහවුරු වූ පසුව තමයි එම ඉන්ධන කොලොන්නාව සහ මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ ගබඩා කරන්නේ. එම තොග බෙදා හැරීමට පෙර හැමදාම උදේට සාම්පලයක් පරීක්ෂා කරනවා. බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.