Sunday, September 22, 2024

බැසිල් සහ ආටිගල ඉන්දියාවෙි එන සිකුරාදා නිල සංචාරක

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර් ආටිගල මහතා මෙම 25වැනිදා සිකුරාදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව වාර්තා වේ.

මෙම සංචාරයේදී ඉන්දියාවෙන් ලබා දීමට නියමිත ණය පහසුකමේ වැඩ කටයුතු අවසන් කරගැනීම සිදුවීමට නියමිතව ඇති බව පැවසේ.

එසේම දැනට පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ද වාර්තා වේ.

මේ වනවිට ශ්‍රී ලංකාව රටක් ලෙස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ පා ඇති අතර, එහි ප්‍රධානතම අභියෝග වන්නේ ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය විසඳා ගැනීම උදෙසා රට තුළට ඩොලර් ගලා ඒම යළි සක්‍රීය තත්ත්වයට පත් කරගැනීමයි.

එය මේ වනවිට සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් උපයන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින විශාලතම ආර්ථික අභියෝගය ද වනවා.

ඒ සඳහා වත්මන් රජය විවිධ අවස්ථාවලදී සිය මිතුරු රාජ්‍යයන් සමග විදෙස් සබඳතාවල නිරත වන්නේ පුළුල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා රට වැටී ඇති ආගාදයෙන් ගොඩගැනීම සඳහා උපදෙස් ද ලබා ගැනීම පිණිස බවයි රජයේ විද්වත් පාර්ශ්වයන් විසින් විව්ධ අවස්ථාවලදී පෙන්වා දුන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles