වහාම ඉවත් වන්න ! යුක්‍රේනය රුසියාවෙි සිටින තම පුරවැසියන්ට නිවෙිදනය කරයි

0
639

යුක්‍රේනය විසින් එරට තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් පනවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (24) රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය විසින් සිය අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යුක්‍රේනයට මේ මොහොත වනවිට දී රුසියානු හමුදා තර්ජනය දැඩි ලෙස දැනෙමින් අවදානම් මට්ටමක පවතිනවා.

මේ වනවිට යුක්‍රේනය නිවේදනය කර ඇත්තේ, රුසියාවේ ජීවත් වන යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසටයි.

ඒ බව යුක්‍රේනයේ ‘කිව්’ තානාපති කාර්යාලය මගිනුයි නිවේදනය කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here