Monday, September 23, 2024

රුසියාවට හොලිවුඩ් සිනමාවෙනුත් තහංචි දමමින් ලොව දැවැන්ත චිත්‍රපට සමාගම් චිත්‍රපට බෙදාහැරීමත් නවතයි

රුසියාව යුක්රේනය සමග ඇතිකරගෙන සිටින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී විකාශය වීමට නියමිත චිත්‍රපට රුසියාවට නිකුත් කිරීම අත්හිටුවන බවට ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් සහ සෝනි පික්චර්ස් එන්ටර්ටේන්මන්ට් නෙට්ෆ්ලික්ස් යන දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට සමාගම් තීරණය කර තිබේ.

ඩිස්නි සමාගම සඳහන් කර ඇත්තේ, එළඹෙන Pixar Animation Studios නිකුතුව වන “Turning Red” සිනමා පටයෙන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ය. 

ඩිස්නි සමාගම මෙම තීරණය ප්‍රකාශ කර පැය කිහිපයක් ඇතුළත “The Batman” චිත්‍රපටය මෙම සතියේදී රුසියාවේ නිකුත් කිරීම අත්හිටුවන බව Warner Media ද ප්‍රකාශ කර ඇත.

මේ අතර, පවතින අර්බුදය හමුවේ රාජ්‍ය නොවන සංවිධාන හවුල්කරුවන් සමග හදිසි ආධාර සහ අනෙකුත් මානුෂීය ආධාර සැපයීමට කටයුතු කරමින් සිටින බවට ද ඩිස්නි සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, යුක්‍රේනය තුළ සිදුවෙමින් පවතින මිලිටරි ක්‍රියාමාර්ගය හේතුවෙන් සැලසුම් කර තිබූ Morbius සිනමා පටයෙහි ඉදිරි නිකුතුව රුසියාව තුළ විකාශය කිරීමේ කටයුතු ද අත්හිටුවන බවට Sony Pictures Entertainment නිවේදනය කර ඇති බව ය.

ප්‍රධාන චිත්‍රපට කිහිපයක් ගෝලීය නිකුතුව සඳහා සැලසුම් කර තිබූ අතර “The Batman” ප්‍රමුඛ වන අතර, එය මාර්තු 3 වෙනිදා රුසියාවේ දී ලොව පුරා එළිදැක්වීමේ කොටසක් ලෙස විවෘත කිරීමට සැලසුම් කර තිබුණා.

එහෙත් මෙම තත්ත්වය මත ඉදිරියේදී තිරගත වීමට නියමිත නව ‘බැට් මෑන්’ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව රුසියානුවන්ට අහිමි වී යයි.

පැරමවුන්ට් පික්චර්ස්හි “Sonic the Hedgehog 2” සිනමා පටය ද අප්‍රේල් 8 වන දින සිය ගෝලීය මංගල දර්ශනය සිදු කිරිමට නියමිතව ඇත.

හොලිවුඩ් සඳහා සැලකිය යුතු වෙළෙඳපොළක් වන රුසියාව 2021 වර්ෂයේදී ඩොලර් මිලියන 601ක් උපයා ඇති අතර එය ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් 2.8% ක් පමණ වේ.

එය පසුගිය වර්ෂයේදී ඩොලර් බිලියන 21.4ක් බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් Warner Media සඳහන් කර ඇත්තේ,”මෙම ඛේදවාචකයට කඩිනම් සහ සාමකාමී විසඳුමක්” බලාපොරොත්තුවෙන් සිටින අතර තවදුරට ත් මෙම පවතින තත්වය නිරීක්ෂණය කරන බව ය.

මේ අතර, පසුගිය සති අන්තයේ, යුක්‍රේන චිත්‍රපට ඇකඩමිය විසින් රුසියානු සිනමාව සහ රුසියානු චිත්‍රපට කර්මාන්තය ජාත්‍යන්තරව වර්ජනය කරන ලෙස ඉල්ලා ඉන්ටර්නෙට් ඔස්සේ පෙත්සමක් ද සම්පාදනය කරනු ලැබ ඇති බව ය.

කෙසේ නමුත් Warner Media සඳහන් කර ඇත්තේ,”මෙම ඛේදවාචකයට කඩිනම් සහ සාමකාමී විසඳුමක්” බලාපොරොත්තුවෙන් සිටින අතර තවදුරට ත් මෙම පවතින තත්වය නිරීක්ෂණය කරන බව ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles