යාපනය සරසවිය කැළඹූ ගැටුම…

0
310

ඊයේපස්වරුවේ යාපනය සරසවියේ සිසු දෙපිරිසක් අතර ඇතිව ඇති ගැටුමක් නිසා, සිසුන් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසීය පවසනවා. ගැටුම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇත.

වාර්තා වෙන අන්දමට, සරසවි විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී නවක සිසුන් පිළිගැනීම සඳහා නර්තන අංගයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් මෙතරම් දුර දිග ගොස් ඇත.

සිදුවීම සම්බන්ධව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here