Thursday, June 27, 2024

54 වැනි මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව

ඓතිහාසික මිහින්තලා පුදබිමේ වාර්ෂිකව පවත්වන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 54 වන වරටත් මෙවර පැවැත්වේ. අනුබුදු මිහිදු වන්දනා වැඩසටහන ද මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනය සමඟ ස්වාධීන රූපවාහිනි සේවය ලබා දීමට සියලු කටයුතු සූදානම් බව මිහින්තලා රාජ මහා විහාරාධිපති මිහින්තලා පොසොන් කමිටුවේ සභාපති වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

පොසොන් සතිය පුරාම පිංකම් රැසක් සිදුකෙරෙන අතර මිහින්තලා ආලෝක පූජාව, අනුබුදු මිහිදු වන්දනා වැඩසටහන, මිහිදු මහා පෙළහර, සවනක්රැස් වැඩසටහන, සති පිරිත් දේශනය, බුදුසරණ කථික තරගය, අනුබුදු මිහිදු රහතන් වහන්සේගේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, පොසොන් පොහෝදින දාන ශිල භවනා වැඩසටහන්, දන්සල් පැවැත්විම, ගිලන් පස බුද්ධ පුජා වැඩසටහන් ආදී වැඩ සටහන් රැසක්ම මිහින්තලා පුදබිමේදි පැවැත්වීමට මිහින්තලා පොසොන් කමිටුව අවශ්‍ය කටයුතු මේ වන විටත් සුදානම් කර තිබෙනවා.

ලබන 16 නක දින සිට 22 දින දක්වා ලේක්හවුස් ආලෝක පූජාව, 18 වන දින රාත්‍රී 9.30 ට මිහිදු මහා පෙරහර විදි සංචාරය, සති පිරිත් දේශනය මේවන විටත් ආරම්භ කර තිබෙනවා. බුදුසරණ කථික තරගය පසුගිය 11 වන දින පැවැත්වුවා. බුදුසරණ කථික තරගය, දිප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග, සහතික පත් සහ ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය, බුදුසරණ සම්මානය, පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය මිහින්තලා පුදබිමේදී ප්‍රදානය කිරිමටද අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය, විදුලි බල මණ්ඩලය, මිහින්තලා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මිහින්තලා පොලිසිය, ජනපවුර සංවිධානය, යුද හමුදාව, ගුවන් හමුදාව, ලේක් හවුස් ආයතනය, ස්වාධීන රූපවාහිනි සේවය, රාජ්‍ය ආයතන, සියල්ලම වාගේ මේ උතුම් පිංකම් මාලාවට උදව් උපකාර කරනවා යැයි ධම්මරතන නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ. dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles