Friday, January 10, 2025

60 ට වැඩි පිරිසගෙන් ලක්ෂ 03 ක් එක මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති බවට හෙළිදරව්වක්

මෙරට වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් ලක්ෂ 03 කට ආසන්න පිරිසක් කොවිඩ් එන්නතේ එක මාත්‍රාවක් හෝ මේ දක්වා ලබාගෙන නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

ශාඛා සංගම් හරහා දත්ත විමසා බැලීමේදී මෙය අනාවරණ වූ බවයි සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

මෙම තත්වය සළකා මේ දක්වා කොවිඩ් එන්නත ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි අයට කඩිනමින් එන්නත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවද සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

මේ අතර ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත ලක්ෂ 04 කට ආසන්න ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මෙරට වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කොවිඩ් මර්ධන කාර්යය සාධක බළකාය ඊයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කළ බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles