Wednesday, January 15, 2025

60 වන උපන්දිනේට බයිඩන් සහභාගී නොවූ පසු ඔබාමා කෝපයෙන්

පසුගිය මාසයේ 04 වනදාට යෙදුණ ඇමරිකානු හිටපු ජනපති බරක් ඔබාමාගේ 60 වන උපන්දිනය Martha’s Vineyard හිදී අති උත්කර්ෂවත්ව සමරා තිබුනේ වත්මන් ජනපති බයිඩෙන්ටද ආරාධනා කරමිනි.  නමුත් ජෝ බයිඩෙන් එදින පැමිනියේ නැත. කොරෝනා වසංගතය සමහන්වී යන කාලයේ මුහුණු ආවරණද අවශ්‍ය නැති බව දක්වමින් එකී සාදය පවත්වා තිබූ අතර ඇතැමුන් ඊට විවේචනද එල්ල කර තිබුණි. එය ඩොලර් මිලියන 12 ක් වැය කරමින් පැවැත්වූ සාදයක් විය.

කෙසේ වෙතත් හිටපු ජනපති බරක් ඔබාමා සමයෙහි එවක උපජනාධිපති ලෙස කටයුතු කළ තම හිතවතා වූ ජෝ බයිඩෙන් මෙම උත්සවයට නොපැමිණීම සම්බන්ධයෙන් බරක් ඔබාමා නොසතුටට හේතූවූ බවද ගතවූ සති කිහිපය තුළ මේ දෙන්නාගේ විරසකයක් වර්ධනය වී ඇති අයුරු හඳුනාගෙන ඇති බව ඇමරිකාවේ පළවන ග්ලෝබ් සඟරාව සිය නවතම කලාපයෙන් හෙළි කර තිබේ.
උපන් දින සාදයෙන් අනතුරුව ගෙවුණ සති කිහිපය තුළ ජනපති බයිඩෙන් බරක් ඔබාමා අවස්ථා කිහිපයකදී අමතා ඇති නමුත් ඔබාමා එම ඇමතුම් වලට පිළිතුරු දී නැතැයිද ධවල මන්දිර කාර්යාලයෙන් ලැබෙන ආරංචි අනුව ග්ලෝබ් විස්තර කර තිබේ.
හිටපු ජනපති ජොර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ උපදේශකයෙකු වන ඩව්ග් වෙග් පවසා ඇත්තේ මේ දෙන්නා සමගි කිරීම පහසු නොවන තත්වයකට දැන් පත්ව ඇති බවයි.

මේ අතර ඔබාමාට හිතවත් රිපබ්ලිකන් පාක්ෂික සභිකයින්ද දැන් දැන් බයිඩෙන්ව විවේචනය කරන්නට පටන්ගෙන තිබේ. ඇෆ්ගනිස්තානය ඇමරිකාවට ‘පාඩමක්‘ උගන්වන ලද්දේ බයිඩෙන්ගේ දුර්වලතා නිසා බවත් බයිඩෙන් ඩිමෙන්ශියා රෝග ලක්ෂණ පෙන්වන්නෙකු බවත් රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වන සෙන් රික් ස්කොට් පවසා ඇත.
මේ අතර තවත් කටකතාවකින් කියැවෙන්නේ රට ආපසු ගෙන යාම සඳහා ඔබාමා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා බවත් ඉදිරියේදී ඒ සම්බන්ධ අරගලය අපේක්ෂා කළ හැකි බවත්ය.

(ග්ලොබ් ඇසුරිනි – Gossiplankanews.com)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles