62වැනි බණ්ඩාරනායක ගුණ සමරුව තුන්වරක් සමරති

0
264

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ අදට යෙදී ඇති 62වැනි ගුණ සමරුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පක්ෂයේම පිල් තුනක් අවස්ථා තුනකදී වෙන වෙනම සැමරූහ.

පළමුව බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මිය පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පුෂ්පෝපහාර දැක්වූ අතර දෙවනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක්ද හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්වූහ.

තෙවනුව නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක්ද බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ අද පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කර කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here