Saturday, September 21, 2024

69 වෙනි ජාතික නිදහස් සමරුව අභිමානවත්ව

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හැටනම වැනි ‘ජාතික නිදහස් සමරු උළෙල’ පෙබරවාරි 4 වෙනි සෙනසුරාදා ගාලු මුවදොර පිටියේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

මේ ජාතික උත්සවය අරමුණු කරගෙන බෞද්ධ, හින්දු, ඉස්ලාමීය, රෝමානු කතෝලික, ක්‍රිස්තියානි යන ආගම් නියෝජනය කරමින් ආගමික වතාවන් සිදුකිරීමට නියමිතය. ඒ අනුව එදින පාන්දර 6.30ට නාපාන ප්‍රේමසිරි මහනායක හිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ පොල්වත්ත ධර්මකීර්ත්‍යාරාමාධිපති පූජ්‍ය වෑතර මහින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාගමික වතාවත් සිදුකෙරෙන අතර එම අවස්ථාවට රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ කොළඹ දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් සහභාගීවීමට නියමිතය.

හින්දු ආගමික කටයුතු මෙදින උදේ 6.30ට කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම්වානේෂ්වර කෝවිලේ දී බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ, පුනරුප්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන පී. දිගම්බරම්, මනෝ ගනේෂන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන විජයකලා මහේෂ්වරන් මහත්මිය හා වී.එස්. රාධක්‍රිෂණන් මහතා සහභාගී වෙති. ඉස්ලාමීය ආගමික කටයුතු මෙදින 6.00ට කොළඹ 12 මහා පල්ලි දේවස්ථානයේ දී පැවැත්වේ. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙය සංවිධාන කරන අතර මේ සඳහා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන් වන එම්.එච්.එම්.කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා, ඒ.එච්.එම්.ෆවුසි යන මහත්වරුන් සහභාගීවෙති.

රෝමානු කතෝලික ආගමික කටයුතු මෙදින 6.30ට තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේ දී සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙදින 6.30ට බොරැල්ල ශාන්ත ලූක් දේවස්ථානයේ දී පැවැත්වේ.

මෙදින නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුවට මල් දම් පැලඳවීම කතා නායක කරූ ජයසූරිය මහතා විසින් සිදුකෙරෙන අතර රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ඩී.ඇස්.සේනානායක අනුස්මරණ කමිටුවේ ප්‍රධාන ලේකම් ආචාර්ය අයි.දිසානායක සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඒ.කේ.අනුර යන මහත්වරුන් විසින් පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles