Monday, September 23, 2024

71 ක් වසරක් සපුරන සුරකිමු ලකඹර

සුරකිමු ලකඹර” තේමා පාඨය කරගත් ජාතියේ අභිමානවත් ගුවන් ආරක්ෂකයා වශයෙන් මාතෘභූමියේ ස්වෛරීභාවය , භෞමික අඛන්ඩතාවය හා ස්වාධිපත්‍යය වෙනුවෙන් පුරා71 වසරක අභිමානවත් මෙහෙවරක් ඉටුකළ ශ්‍රීලංකා ගුවන් හමුදාව , සිය 71 වන සංවත්සරය අද දින සමරනු ලබයි.

මෙම වසරේ සම්ප්‍රදායික සැමරුම ගුවන් හමුදාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1951 මාර්තු 02 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස පිහිටුවන ලද අතර 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ විට රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස නැවත නම් කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ දක්වා අණදෙන නිළධාරීන් 18 දෙනෙකුගේ නායකත්වය යටතේ පැමිණ ඇති අතර අනාගතයේ සියලු අභියෝගවලට මුහුණ දීමට සහ ශ්‍රී ලංකාවේ අහසේ ආරක්ෂකයින් ලෙස සේවය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුදානම් බවයි දැනුම්දෙන්නේ.

නිලධාරින් 06 දෙනෙකු හා සෙසු නිලයන් 21 දෙනෙකුගෙන් යුතුව 1951 වසරේ මාර්තු මස 02 වන දින ස්ථාපිත කරන ලද රාජකීය ලංකා ගුවන් හමුදාව අද වනවිට නිළධාරින් සහ සෙසු නිළයන් 34000 කට වැඩි පිරිසකගෙන් සැදුම්ලත් ශ්‍රීලංකා ගුවන් හමුදාව බවට පත්ව ඇත.

Kfir , F -7 , ආදී ප්‍රහාරක ජෙට් යානාද AN 32 , C130 , MA60 , Y12 වැනි ප්‍රවාහන ගුවන් යානා සහ Bell 212 , Bell 412 , MI 17 , MI 24 වැනි හෙලිකොප්ටර් යානාද දක්වා දීර්ඝ ගමනක් පැමිණ , වර්ථමානය වනවිට භෞතික සම්පත් මෙන්ම මානව සම්පතින්ද පරිපූර්ණව තාක්ෂණික හමුදාවක් ලෙස සිය 71 වන සංවත්සරය සමරන අද දින , මේ දක්වා ගුවන් හමුදාවට සාර්ථක නායකත්වයන් ලබාදුන් හිටපු සියළු ගුවන් හමුදාධිපතිවරුන් මෙන්ම වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නිළධාරිතුමන්ද ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමු.

මාතෘභූමියේ අනාගතය අඳුරු අගාධයකට ඇද දමමින් පුරා දශක තුනක් වෙළී පැවතුණු කුරිරු ත්‍රස්තවාදය පරාජය කොට දේශයට විජයග්‍රහණයේ අස්වැසිල්ල ලැබදෙමින් මාතෘභූමියේ ස්වෛරීත්වය , භෞමික අඛන්ඩතාවය සුරක්ෂිත කරන්නට ඇප කැප වුණ ශ්‍රී ලාංකීය හමුදාවන් අතරින් , ශ්‍රීලංකා ගුවන් හමුදාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරය සමරනු ලබන මෙම අවස්ථාවේදී , මව්බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දිවිපිදූ ගුවන් නියමුවන් 43 දෙනෙකු ඇතුළුව ගුවන් විරුවන් 443 දෙනෙකු මෙන්ම , පූර්ණ ආබාධිත තත්වයට පත් 236 ක් වූ වීරෝධාර ගුවන් හමුදා දූ පුතුන් ඉමහත් වූ ගෞරව ප්‍රණාමයෙන් සිහිපත් කරන්නෙමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles