ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4) දිනට යෙදී ඇත. මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් කොළඹ 07, නිදහස් චතුරස්රයේදී පැවැත්වේ.
‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් — සෞභාග්‍යමත් මව් බිමක් යන්න’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.
අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්” යන තේමාව යටතේ මෙවර නිදහස් දින සමරුව පැවැත් වේ.
කොවිඩ් මාර්ගෝපදේශන්ට අනුකූල වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි මෙම උත්සවය සැළසුම් කර ඇති බවයි. භට පිරිස් 6500ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වීමට නියමිතය. මෙවර නිදහස් සැමරුම් උත්සවයට යුද හමුදා නිලධාරීන් 3463දෙනෙකු නාවික හමුදා නිලධාරීන් 919 දෙනෙකු ගුවන් හමුදා නිලධාරීන් 804 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 336 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 437 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 259 දෙනෙකු ද සැමරුම් උළෙලට එක්වීමට නියමිතයි. සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ගජබාහු’ නෞකාව ගාලුමුවදොරහි දී සිය සම්ප්‍රදායානුකූල ආචාර වෙඩි මුර 25 පවත්වා මාතෘ භූමිය වෙත සිය ආචාරය දක්වන අතර ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ගුවන් යානා 26 ක් නිදහස් දින සැමරුමට එක් වේ.