75 ට පොල් ගන්න
ඔබත් එන්න “සතොසට”

0
426

ප්‍රමාණයෙන් ලොකු පොල් ගෙඩි මෙම වසර පුරා රුපියල් 75ක මිලකට සතොස මගින් අලෙවි කිරීමට පියවර ගන්නා බව ආචාර්ය වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

ඒ අනුව පාරිභෝගිකයෙකුට සතොසෙන් වරකට පොල් ගෙඩි 5 මිලදීගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ පිළිබඳව කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසා ඇත්තේ එක් පාරිභෝගිකයෙකුට වරකට උපරිම ලෙස පොල් ගෙඩි 5ක් මිල දී ගැනීමට හැකියාව ඇති බවයි.මේ වසර පුරා පොල් ගෙඩියක් රුපියල් 75ක මිලකට අලෙවි කිරීමට අදාළ ගිවිසුම පොල් සංවර්ධන මණ්ඩලය සමග අත්සන් කිරීම අද (31) පෙරවරුවේ සිදුකෙරුණු අතර එහි නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණ.

මෙහිදී ලංකා සතොස ආයතනය වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ පොල් පර්යේෂණ ආයතනය වෙනුවෙන් එහි සභාපති සාරංග අලහප්පෙරුම අදාල ගිවිසුමට අස්සන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here