2020 ජනතා තීන්දුවෙන් මෙහා ආණ්ඩුව පෙරලනවා බොරු -ජනපති

0
623

ජනතා ගැටලු විසඳීමට රටේ සියලුදෙනා එක්ව කටයුකු කළ යුතු බව ජ‍නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඇතැමුන් බලය ඉල්ලා සටන් කළද 2020න් පසුව එන මැතිවරණයකදී ජනතා තීන්දුව අනුව මිස ඊට පෙර දේශපාලන බලය පිළිබද සිතීමටවත් කිසිවෙකුට නොහැකි බව ජනාධිපතිවරයා පවසා සිටියේය.

මැතිවරණ සමයක දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් කළද ජනතා කැමැත්තෙන් පත්වූ නව රජයක් ඉදිරි සැලසුම් සමග රට ඉදිරියට ගෙන යන විට පටු දේශපාලන අරමුණු පසෙකලා එම වැඩපිළිවෙළට සහාය දැක්වීම රටට ආදරය කරන සියලු දේශපාලඥයන්ගේ වගකීම බවද මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මොනරාගල, කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට අද (28දා) එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here